මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
  • SocialShare:

ශ්‍රී ලංකා නාවික හමුදාව, දිගු දුර මෙහෙයුම් නෞකා මඟින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක්  ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක්  සැකකරුවන් සිව් දෙනෙකු (04) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එම බහුදින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.