All Stories

රජයේ රෝහල් පද්ධතිය වෙත හිඟයකින් තොර ව අඛණ්ඩව ඖෂධ ලබාදීමට සැලසුම්

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ යනු මෙරට ජනතාවගේ ජීවිත සමඟ ප්‍රමුඛ ව බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ඒ තුළ විකල්ප නොමැති බවත්, එනිසා එම ක්ෂේත්‍රයන්වල කටයුතු කිරීමේ දී මනා වගකීම, සම්බන්ධීකරණය හා කළමනාකරණය සෘජු ව බලපාන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ය.

රජයේ රෝහල් පද්ධතිය වෙත හිඟයකින් තොර ව අඛණ්ඩව  ඖෂධ   ලබාදීමට සැලසුම්

ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම අපේක්ෂාවයි - ඇලෝ බ්ලැක්

සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා තෙදින සංචාරයක් සඳහා අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම අපේක්ෂාවයි - ඇලෝ බ්ලැක්

“පිරිසිදු වෙරළ තීරයක් ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2025 මාර්තු මස 01 වැනි දින සහ 08 වැනි දින දකුණු නාවික විධානය තුළ ආරම්භ කෙරුණු වෙරළ පිරිසිදු කිරීම සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.

 “පිරිසිදු වෙරළ තීරයක් ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට නාවික හමුදාව දායක වෙයි

තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීමට මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීමත්, එහි අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙන යාමත්,අදායම් තත්වය ඉහළ නැංවීමත් සහ මෙරට සහ ජාත්‍යන්තර මුද්දර ලෝලීන්ගේ අවදානය වැඩිවශයෙන් දිනාගැනීමත් අරමුණු කර මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීමට මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක්

2024 සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම හෙටින් අවසන්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(11) මධ්‍යම රාත්‍රී 12:00 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.

2024 සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම  හෙටින් අවසන්

සුරා බද්ද ඉහළ දැමීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

සුරා බද්ද ඉහළ දැමීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වලත් මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද කාලගුණය

ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාව වසර 35කට පසු නැවත පනගැන්වෙයි

ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ පළමු අදියර පසුගියදා(07) ආරම්භ කෙරිණි.

ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාව වසර 35කට පසු නැවත පනගැන්වෙයි

අද කාලගුණය

අද  දින රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද කාලගුණය

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අරමුණ කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කමිටුව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී රැස්විය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්

ඔසු උයන් අශ්‍රිත ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ ජාතික වැඩසටහනක්

ආයුර්වේද වෛද්‍ය  ප්‍රතිකාර සදහා භාවිතා කරන ශාකමය ඖෂධ නිෂ්පාදන ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් ආයුර්වේද ඔසු වගා කිරීමේ සහ ආයුර්වේද  ඔසු එකතු එකතු කිරීමේ ජාතික වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් සහ මගපෙන්වීමෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශයේ  දේශීය වෛද්‍ය අංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව, අයුර්වේද සංස්ථාව ඒකාබද්ධව ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.

ඔසු උයන් අශ්‍රිත ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ ජාතික වැඩසටහනක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මාර්ගගත හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (07) සාර්ථක ලෙස පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මාර්ගගත හමුවක්

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරී වාර්ෂික ස්ථාන මාරුවීම් සදහා මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවයි

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරී වාර්ෂික ස්ථාන මාරුවීම් සදහා මාර්ග ගත  ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවයි
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.