
ලෝක සාමය පතා සංවිධානය කළ “එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ විය.
මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් හරහා සිදු වූ බව සැක කෙරෙන මුදල් සොරකමක් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කර ඇති බව එම අමාත්‍යංශය සඳහන්කරයි
2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට සහ පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් ඇතුළු ගිහි සිසුනට අවශ්‍ය කරන සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීම සම්පූර්ණ කළ බවට නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව 2026.04.22 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෑත කාලීනව “ රටම එකට “ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමග ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සේවාවන් වෙත යොමු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් වැඩිවන ප්‍රතිකාර සේවාවන් සම්බන්ධ ඉල්ලුම සපුරාලීම සඳහා පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවන බව හඳුනා ගනු ලැබ ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
‘රටම එකට’ ජාතික වැඩසටහනට නාවික හමුදාව ලබාදෙන සක්‍රීය දායකත්වය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ විනාශයෙන් පසු ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසාධන කටයුතු සඳහා පිලිපීන රජය ඇමරිකානු ඩොලර් 100,000ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
රාජ්‍ය සේවකයින්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් "SkillUp Gov" නිල YouTube නාලිකාව ඊයේ (21) පෙරවරුවේ නිල වශයෙන් ජනගත කෙරිණි.
ලෝක සාම පාගමන (Walk for Peace ) පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් අද (22) දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක රෝගී ප්‍රතිකාර සේවාවන් ඇතුලු වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබදව සොයා බැලීමට කටයුතු කරන ලදි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සාම පාගමනට නායකත්වය දෙන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂුන් වහන්සේලා 13 නමක් අද(21) පස්වරුවේ ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්හ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.