දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණ වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පසුගිියදා චීනයේ සිචුවාන් (Sichuan) සංචාරක විද්‍යාලයේ නිල සංචාරයක නිරත වූ අතර 'එක් තීරයක් - එක් මාවතක්' (Belt and Road Initiative) වැඩපිළිවෙළ යටතේ සංචාරක අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරුව සහ කර්මාන්ත සංවර්ධනය යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙුනවෙන් සාකච්ඡා සිදු කර තිබේ.
ග්‍රාමීය සංවර්ධණ ,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ (ESCAP) සංවිධානයේ විධායක ලේකම් Mrs Armida Salsiah Alisjahbana අතර හමුවක් පසුගියදා පැවැත්විණි.
“Walk for Peace” වැඩසටහනේ අවසන් දිනය අද (28), කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් සවස 4.00ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර “සාම පාගමන” (Walk for Peace Program in Sri Lanka) වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(28) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත් වේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 26 වැනි දා ඓතිහාසික කතරගම පුදබිම වැඳපුදා ගැනීම සඳහා සහභාගි විය.
“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාගමනේ අවසන් දිනය අද (28)ට යෙදී තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මාර්ග සංවර්ධන අධිකාරිය, කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවූ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සිදුකර ඇති සාවද්‍ය ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එවැනි කිසිදු ගෙවීමක් ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් අනු ගිණුමකින් කිසිම විටෙක අදාල ව්‍යාපෘති සඳහා සිදුකර නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි දහන උදුනේදී විනාශ කිරීම 2026-04-27 වන අද දින සිදු විය. පසුගිය සමයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය අතරින් හලාවත හා බලපිටිය ගරු අධිකරණයන්හිදී නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය විනාශ කිරීම ඒ අනුව සිදු විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.