All Stories

සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා දෙන සහාය ඇගයීමට ලක් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) පැවැත්විණි.

සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා දෙන සහාය ඇගයීමට ලක් කරයි

ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුව 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් සහභාගී වෙයි

"සියල්ලන් සඳහා ඩිජිටල් මාවත්" යන තේමාව යටතේ වොෂින්ටන් ඩී.සී. හි ලෝක බැංකු මූලස්ථානයේ මාර්තු 17 සිට 20 දක්වා පැවැති ලෝක බැංකු සමූහයේ ගෝලීය ඩිජිටල් සමුළුව 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහභාගී විය.

ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුව 2025  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් සහභාගී වෙයි

ළමා හා කාන්තා කාර්යංශයේ 109 මෙහෙයුම් මැදිරිය නවීකරණය කෙරේ

 ළමා හා කාන්තා කාර්යංශයේ, කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් සිදුවන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ස්ථාපිත කරන ලද 109 මෙහෙයුම් මැදිරිය(NCMEC)  නවීන පහසුකම් යටතේ නවීකරණය කර  වීවෘත කිරීම ඊයේ(20) සිදු විය.

ළමා හා කාන්තා කාර්යංශයේ 109 මෙහෙයුම් මැදිරිය නවීකරණය කෙරේ

දවසේ කාලගුණය

බස්නාහිරසබරගමුවමධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දවසේ කාලගුණය

“ක්ලීන් ශ්‍රී ලංකා” අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාළව අමාත්‍යාංශවල කාර්යභාරය සමාලෝචනයට

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාළව ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේ දෙවන මහලේදී අද (20) පැවැත්විණි.

“ක්ලීන් ශ්‍රී ලංකා” අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාළව අමාත්‍යාංශවල කාර්යභාරය සමාලෝචනයට

ජාත්‍යන්තර වනාන්තර දිනය හෙට(21)

ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ජාත්‍යන්තර වනාන්තර දිනය හෙට(21)

ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී

ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බවත්, වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බවත්, මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව, මුඛ පිළිකාව ලෙස වාර්ථා වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී

ලක්ෂ 80 ක ශ්‍රම බලකායෙන් බදු දැලට හසුවන්නේ ලක්ෂ 8ක් පමණයි - මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී.  

ලක්ෂ 80 ක ශ්‍රම බලකායෙන් බදු දැලට හසුවන්නේ ලක්ෂ 8ක් පමණයි - මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

මෙම වසර මැදභාගයේ සෞඛ්‍ය අමාත්‍යංශය නව ගොඩනැගිල්ලකට යාම අරඹයි

2016 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර පසුව ඉදිකිරීම් නවතා දමා තිබූ මහල් 16 කින් සමන්විත කොළඹ කාසල් වීදියේ ඉදිකෙරෙන සෞඛ්‍ය අමාත්‍යංශ‍යේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ‌වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත කඩිනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.

මෙම වසර මැදභාගයේ සෞඛ්‍ය අමාත්‍යංශය නව ගොඩනැගිල්ලකට යාම අරඹයි

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් 19 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයනගේ ශ්‍රම දායකත්යෙන් වගාකළ වී අස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ 16ක් වෙළෙඳපොළට

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයනගේ ශ්‍රම දායකත්යෙන් වගාකළ වී අස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ 16ක් මහජනතාවගේ  පරිභෝජනය සඳහා රජයේ පාලන මිල ගණන් යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලබා දීමට කටයුතු  සිදුවෙමින් පවතින බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් කේඑපිපී ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතා පවසයි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයනගේ ශ්‍රම දායකත්යෙන් වගාකළ වී  අස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ 16ක් වෙළෙඳපොළට

දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දවසේ කාලගුණය
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.