චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ සූපශාස්ත්‍ර ඇකඩමියක් පිහිටුවීමට එකඟතාව

චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ සූපශාස්ත්‍ර ඇකඩමියක් පිහිටුවීමට එකඟතාව
  • SocialShare:

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පසුගිියදා චීනයේ සිචුවාන් (Sichuan) සංචාරක විද්‍යාලයේ නිල සංචාරයක නිරත වූ අතර 'එක් තීරයක් - එක් මාවතක්' (Belt and Road Initiative) වැඩපිළිවෙළ යටතේ සංචාරක අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරුව සහ කර්මාන්ත සංවර්ධනය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙුනවෙන් සාකච්ඡා සිදු කර තිබේ.

සිචුවාන් සංචාරක විද්‍යාලයේ නියෝජ්‍ය පක්ෂ ලේකම් සහ සභාපති වැන්ග් චුවාන් (Wang Chuan) මහතා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී සංචාරක ක්ෂේත්‍රයේ දක්ෂතා වර්ධනය කිරීම, ඒකාබද්ධ පර්යේෂණ සහ වෘත්තීය පුහුණුව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

එහිදී චීන සිචුවාන් සූපශාස්ත්‍ර ඇකඩමියක් (Chinese Sichuan Cuisine Academy) පිහිටුවීම, කඳුකර සංචාරක ක්ෂේත්‍රය සඳහා චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇති කිරීම, චීන-ශ්‍රී ලංකා සංස්කෘතික සංචාරක සහයෝගීතා වේදිකාවක් දියත් කිරීම, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සඳහා නවෝත්පාදන සේවා පර්යේෂණ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සහ “සිචුවාන් සංචාරක විද්‍යාලයේ ඉගෙනුම ලබන්න” (Study at Sichuan Tourism College) වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සිසුන් ඇතුළත් කර ගැනීම පුළුල් කිරීම සඳහා දෙරට අතර එකඟතාවට පැමිණ තිබේ.