ඒහි පස්සිකෝ සාම පා ගමනේ අවසන් දිනය අදයි

ඒහි පස්සිකෝ සාම පා ගමනේ අවසන් දිනය අදයි
  • SocialShare:

“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාගමනේ අවසන් දිනය අද (28)ට යෙදී තිබේ.

පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ  ඇතුළු භික්ෂූන් වහන්සේලා ඊයේ (27) සවස කැලණිය රජමහා විහාරය වෙත වැඩම කළහ. අද (28) උදෑසන 8.00 සිට 11.00 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සහ කැලණිය ධර්ම විද්‍යාලයේ සිසුන් සඳහා දේශන වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

අනතුරුව අද දහවල් 12.00ට කැලණිය රජමහා විහාරයෙන් ආරම්භ වන සාම පාගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.

අද පස්වරු 4.00ට නිදහස් චතුරස්‍ර භූමියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිත අතර, එහිදී පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධිය අංකුර පැළයක් නිල වශයෙන් භාරදීමටද නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 5.30ට යළි ආරම්භ වන පාගමන ගංගාරාම විහාරය වෙත ලඟාවීමෙන් පසු නිමාවට පත්වේ.

ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන යන මෙම ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව පසුගිය 22 වනදා දඹුල්ලෙන් ආරම්භ වූ අතර, ඊයේ දිනයේදී යක්කල සිට කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කර තිබුණි.