රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතය.

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වු ප්‍රථම ජාතික මධ්‍යස්ථානය ලෙස හදුන්වන රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය (Ayati National Centre for Children with Disabilities) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා ඊයේ (අප්‍රේල්30 ) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.
ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදුරු නේපාලි (H.E. Dr. Purna Bahadur Nepali) මහතා ඉටුකළ සේවය අග්‍රාමාත්‍යවරිය ඇගයීමට ලක් කළාය.
මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නංවමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සවිබලගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද මාතෘ සහ ළදරු සෞඛ්‍ය නිපුණතා සංවර්ධන වැඩමුළුවේ (Capacity Building Workshop on Maternal and Newborn Healthcare) පළමු වැඩමුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර ගල්ලස්ස ළමා හා මාතෘ රෝහලේ දී පසුගිය දා ආරම්භ විය.
ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.
ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ජනපති අවධාරණය කරයි.
ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. බොහෝ රටවල මැයි දිනය පුරාණ වසන්ත උත්සවයක් ලෙස සැළකෙන නමුත් , වර්තමානයේ එය ලොවපුරා කම්කරුවන් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම වෙනුවෙන් කම්කරු දිනය යොදා ගැනේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ආණ්ඩුවේ සාර්ථකත්වය 2025 මහ බැංකු වාර්ථා පෙන්වාදී තිබෙන බවත්, කුමණ අර්බුද පැමිණියත් ඒවා සර්ථකව කළමණාකරනය කරමින් ජනතා අභිලාෂයන් ඉටු කිරිමට ආණ්ඩුව සමත්ව තිබෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචර්ය උපාලි පන්නිල මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (30) කැලණිය ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
ඒ අනුව 2010 වර්ෂයෙන් පසු මෙරට උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සකස් කරන ලද “Tobbaco Free Generation” සංකල්පය සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල් අමිල ඉසුරු යන මහත්වරුන් විසින් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට ලංකා පෙන්තකොස්ත සභාව විසින් රුපියල් ලක්ෂ පනහක මුදලක් පරිත්‍යාග කරනු ලැබිණ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.