All Stories

“අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් - එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල්”- කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල් බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි

“අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් - එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල්”- කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

සිදු වන මරණවලින් අඩකට වඩා වළක්වා ගත හැකි සත්කාර පද්ධතියක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සත්කාර සේවා රාමුවට අනුව හදිසි සත්කාර යනු විශ්වීය සෞඛ්‍ය ආවරණය සඳහා වූ මානව අයිතියේ මූලික කරුණක් ලෙස පෙන්වා දි ඇති බවත් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති සමඟින් වළක්වා ගත හැකි අතර ගෝලීය දත්ත අනාවරණය කරන බැවින් එම පද්ධතීන් ශක්තිමත් කිරිමට පියවර ගත යුතු බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සිදු වන මරණවලින් අඩකට වඩා වළක්වා ගත හැකි සත්කාර පද්ධතියක්

සෞඛ්‍ය සඳහා ජනතාවට ලැබෙන්න යන අයිතිය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය සඳහා ජනතාවට ප්‍රවේශවීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බවත් එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා එමගින් ජනතාවට හැකි වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය සඳහා ජනතාවට ලැබෙන්න යන අයිතිය  - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

දවසේ කාලගුණය

ඌව පළාතෙත් හම්බන්තොට, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දවසේ කාලගුණය

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි 02 ඇරඹේ

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර  ජනවාරි 02 ඇරඹේ

ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය අංශ සඳහා විදුලි ත්‍රිරෝද රථ ලබාදීමේ ව්‍යාපෘතියක්

ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍යා අංශය සඳහා විදුලි ත්‍රීරෝද රථ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාල 16ක් සඳහා විදුලි ත්‍රීරෝද රථ පිරිනැමීමේ වැඩසටහනක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා (21) බදුල්ලේ දී සිදු කෙරිණි.

ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය අංශ සඳහා විදුලි ත්‍රිරෝද රථ ලබාදීමේ ව්‍යාපෘතියක්

රට ගොඩනඟන මෙහෙවරට ඔබේ දැඩි කැපවීම රටට අවශ්‍යයි - ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරි විසිරයාමේ පෙළපාලියේදී කියයි

"රටක වටිනාම වස්තුව එහි පුරවැසියන් වන අතර, ඔවුන් ආරක්‍ෂා කිරීම ඔබගේ ප්‍රථම සහ ප්‍රමුඛතම වගකීමයි. මෙම වගකීම ඔබගේ මනසෙහි ගැඹුරින් කාවැදී තිබිය යුතු අතරම ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීම ඔබගේ මූලික වගකීමයි" නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී පසුගියදා(21) පැවති විසිරයාමේ පෙළපාලියේදී නව අධිකාරි ලත් නිලධාරින් අමතමින් ප්‍රකාශ කළේය.

රට ගොඩනඟන මෙහෙවරට ඔබේ දැඩි කැපවීම රටට අවශ්‍යයි - ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරි විසිරයාමේ පෙළපාලියේදී කියයි

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිතවරයා අතර හමුවක්

සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිතවරයා අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ Takafumi Kadono මහතා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.