ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා දිවිසැරිය නිමා කරයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා දිවිසැරිය නිමා කරයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අද (24)  සිය දිවි ගමන නිමා කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවිය.

1944 ඔක්තෝම්බර් මස 27 වැනි දා උපත ලැබූ ඒ මහතා පාසල් කාලයේ සිටම සංගීත ක්ෂේත්‍රයට යොමු ව තිබුණි.

ඔහුගේ එදා මෙදා තුර ගැයූ ගීත අතුරින් "සරතැස නිවා" ගීතය ඔහුගේ මුල්ම ගීතය වේ.

එමෙන්ම ඔහු "කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා", "අඳුර අඳුර මගේ", “හෙට දවසේ අප දෙදෙනා”, “අදුර අදුර මගේ”, “කිරිසයුරේ”, “ඈත රන් විමන්”, “ප්‍රණීත මී බිඳු”,  “කිරි සයුරේ රැළි”, “සුදු පරවි රෑන සේ”, “රටකින් එහා” ආදි වශයෙන් ඉමහත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ කලාකරුවෙකි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.