“අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් - එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල්”- කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

“අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් - එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල්”- කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල් බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි

ඉගෙනීම සහ අධ්‍යාපනය රැකියාවක් ලබාගැනීම හෝ ආදායම් මාර්ගයක් සකසා ගැනීම යන කරුණු වලට වඩා පුළුල් සීමාවක පැතිරෙන බව ද දැඩිව අවධාරණය කළ අමාත්‍යවරයා පුඵල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුම මත පමණක් ම නොව ආකල්ප වලින්ද වෙනස් විය යුතු බව කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පැවසීය¡
කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය (24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ¡
කම්කරු නීති හා කාර්මික සබඳතා, කම්කරු නීතියේ ප්‍රායෝගික යෙදීම්, මානව සම්පත් කළමනාකරණ, ව්‍යාපාර පරිපාලනය, රාජ්‍ය ප්‍රසම්පාදනය හා කොන්ත්‍රාත් පරිපාලනය යන පාඨමාලාවන්ට අදාළ ඩිප්ලෝමාධාරීන් 375කට අධික සහ සහතිකපත්‍රලාභීන් 300කට ද සහතික පත්‍ර ලබාදෙනු ලැබිණි
මෙම අවස්ථාවට සහභාගී වෙමින් කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය

—මෙම අධ්‍යාපනය තුළින් කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති මෙම ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය තුළින් ඉතා වැදගත් සේවාවක් සලසනවා. මෙම පාඨමාලාවන් සාර්ථකව හදාරා ඩිප්ලෝමාධාරීන් බවට පත් වූ ඔබගෙන් ආයතන තුළ කාර්මික සබඳතා වැඩි වී සේවා ස්ථාන සුහදශීලි ස්ථාන බවට පත් කිරීමට හැකි වෙනවා. මෙම ආයතනයේ අරමුණත් එයයි. ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව කෙරෙහි ද විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු වෙනවා. අධ්‍යාපනය ඔස්සේ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දේ නම් ලෝකය ප්‍රශ්න කිරීමේ ශක්‍යතාවයි. මෙම සියලූ කරුණු වත්මන් ශ්‍රී ලංකාව පවතින තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීම සඳහා අතිශය වැදගත් වෙනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ අනාගත ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී වෘත්තීය අධ්‍යාපනය අතිශය වැදගත් භූමිකාවක් නිරූපණය කරන බවයි. කිසියම් රටකට හිමි වටිනාම වත්කම එරට ජීවත්වන මිනිසුන්ගේ දැනුම සහ කුසලතා බව ද පෙන්වා දුන් ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරට මෙරට ශ්‍රම බලකාය වෘත්තීය අධ්‍යාපනයෙන් තවදුරටත් සන්නද්ධ කර කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට දායක කරගත යුතු බවයි. එසේම ඊට සමගාමී ව රැකියා ස්ථානයේ සහයෝගීතාවය සහ සාධාරණත්වය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේ ය.
—අපේ ආණ්ඩුව සෙමෙන් එහෙත් ස්ථාවරව ඉදිරියට යනවා. අමාත්‍යාංශ ලේකම් ඇතුඵ අතිරේක ලේකම්වරුන් සහ සෙසු ආයතනවල ප්‍රධානීන් සියලූදෙනාගේ සහය ඉතාම මිත්‍රශීලිව අප බලාපොරොත්තු වෙනවා. රටටත් වැඩ කරන ජනතාවටත් ජයග්‍රහණ ලබාදීම අපගේ අරමුණයි.

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය අංක 2010/12 දරණ ජාතික ශ්‍රම අධ්‍යයන පනත යටතේ ස්ථාපිත ව්‍යවස්ථාපිත ආයතනයකි. ශ්‍රම බලකාය සහ සේවා යෝජකයින් ඉලක්ක කර ගනිමින් කාර්මික සබඳතා, මානව සම්පත් කළමනාකරණය, ඵලදායීතාවය, කම්කරු නීති සහ සමාජ කතිකාවත යනාදී ක්ෂේත්‍ර ගණනාවක දැනුවත් කිරීම සඳහා පුහුණු පාඨමාලා පවත්වනු ලබයි.

මෙම උත්සව අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. ඩී සුරංග ගුණරත්ත සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුඵ නිලධාරීහු රැසක් එක්ව සිටිය හ

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.