සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දායකත්වය මත මෙරට ක්රියාත්මක වන ව්යාපෘති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණ.
මෙහි දී මෙරට නිදහස් සෞඛ්ය සේවාවේ ඉදිරි ප්රගමණයට අඛණ්ඩව සහාය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහතික වී තිබේ.