ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (28) පැවැත්විණි.
All Stories
රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බලකායක් ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බව මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (27) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ දී පැවැත්විණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත යෝජිත මෙම ව්‍යාපෘතිය මඟින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම හා සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශ පත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම යනාදී වශයෙන් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.
සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4 ක් වන මෙම ව්‍යාපෘතිය සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ද යෝජනා වී තිබේ.
මේ සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) නියෝජනය කර එහි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ යොන්ග් වන් කිම් (Yong Whan Kim) අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.
(අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති මූලාශ්‍ර ඇසුරිනි)
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ
නත්තල් සහ පාසල් නිවාඩුව සමඟ නුවරඑළිය ප්‍රදේශයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් Reuben Gauci මහතා අද (27) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
කිසිදු භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ටුවිටර් පණිවිඩයක් යොමු කර තිබේ.
ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත්, ලබන වසරේ සිට මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු පියවර ගන්නා බවත්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන්ද සිල්වා මහතා අද වැඩ භාර ගත්තේය.
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී පවුල් සඳහා මෙතෙක් ගෙවීමට නොහැකි වූ හිඟ මුදල් ගෙවීම සම්බන්ධ මාධ්‍ය නිවේදනය