සහල් සඳහා පවතින පාලන මිල කිසිසේත්ම වෙනස් කිරීමක් සිදුනොකරන බවද ගොවියාට සාධාරණයක් කිරීම සඳහා අද උදෑසන වී සඳහා සහතික මිලක් වී අලෙවි මණ්ඩලය ප්‍රකාශයට පත්කළ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
ඒ අනූව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132ක් ලෙස සහතික මිලක් ප්‍රකාශයට පත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ප්‍රමිතිගත වී මෙම මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකියාවක් ඇතැයිද එම මිලට වඩා වැඩි මිලකට ගොවියාට මෙය අලෙවි කළ හැකි බවද අවධාරණය කළේය.