රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් ලෙසම උපයෝගී කර ගත යුතු බව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය එ්කකය විවෘත කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය එ්කකය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
පසුගිය වසරේ රජයේ රෝහල්වලට වෛද්‍ය සැපයීම් ඒ්කකය හරහා ඉන්සියුලින් ඇතුළු දියවැඩියාව සම්බන්ධ ඖෂධ සැපයීම සදහා රුපියල් මිලියන 7300 ක පමණ මුදලක් වියදම් කර ඇති බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය දෛනිකව ඉහළ යන බව ද පැවසීය. තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා එලෙස භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් ප්‍රතිකාර සේවා සඳහා ඖෂධ මිල දී ගැනීමට වැඩිවැඩියෙන් යෙදවීම සඳහා කටයුතු සැලසුම් කරනවා වෙනුවට හැකි සෑම අවස්ථාවක ම රෝග නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසීය.
එමෙන් ම නිරෝගී ජාතියක් උදෙසා රෝග නිවාරණය හා ප්‍රතිකාර කිරිමේ දී ඖෂධවලින් එහා ගිය ලෝකයක් තිබෙන බව අවබෝධ කර ගත යුතු බවත්, ප්‍රතිකාර හා රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් ලෙස ම උපයෝගී කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද පැවසීය. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සමස්ත ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ සෞඛ්‍ය සඳහා මැදිහත්වීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ද මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
මෙම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රීඩා සහ ව්‍යායාම සම්බන්ධයෙන් වූ සංකල්පය සෞඛ්‍ය සේවාව හා බද්ධ වූ සංකල්පයක් ලෙස ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය ලක්විය යුතු හා මැදිහත්වීම ද වැඩි කළ යුතු අංශයක් බවයි.
2015 වසරේ සිට ක්‍රීඩා යෝග්‍යතා සහතික නිකුත් කිරීම සිදු කරන බවත්, ක්‍රීඩා පිටියට ම ගොස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ ව සොයා බැලීමට තිබෙන අවස්ථාව තවමත් අඩු තත්ත්වයක පවතින බව ද අමාත්‍යවරයා පැවසීය. මුළුමහත් සමාජයම නිරෝගී කිරීමට ක්‍රීඩාව සහ ව්‍යායාම උපයෝගී කර ගැනීමට කටයුතු කරනවා මෙන් ම විශේෂ ක්‍රීඩක ක්‍රඩිකාවන්ට අවශ්‍ය කරන ශාරීරික යෝග්‍යතාවය ලබාදීමේ දී ලබාදිය යුතු මැදිහත්වීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද පැවසීය. ලංකාවේ දැනට ක්‍රීඩා වෛද්‍ය ඒ්කක 16 ක් තිබෙන බවත් සමහර පළාත්වල එකදු ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් හෝ නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය එ්කකය විවෘත කිරීමෙන් අනතුරුව දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප ඇතුළත් ඡායාරූප ගැලරිය විවෘත කිරිම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්‌වයෙන් සිදු වූ අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ව තරගවල දී නියෝජනය කරමින් ජයග්‍රහණය ලැබු බැඩ්මිටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී නෙත්මි අහිංසා යන දෙපළගේ ඡායරූප දෙකක් ඔවුන්ගේ සුරතින් ම මෙහි දී නිරාවරණය කරන ලදී.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග, ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග, ක්‍රීඩා ව්‍යායාම වෛද්‍ය එ්කකය භාර විශේෂඥ වෛද්‍ය කිත්සිරි පෙරේරා, පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.