නත්තල් සහ පාසල් නිවාඩුව සමඟ නුවරඑළිය ප්‍රදේශයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
නුවරඑළිය නගරය ආශ්රිත සංචාරක ආකර්ශනය සහිත ස්ථාන වන වික්ටෝරියා උද්‍යානය, ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරකයන්ගේ පිරී ඇති බවත්, මෙම ප්‍රදේශයට මේ දිනවල පවතින යහපත් කාලගුණයත් සමග දේශිය සංචාරකයන් විශාල පිරිසක් මෙසේ පැමිණ ඇති බවට සංචාරක හෝටල් හිමියන් සඳහන් කර ඇති බවත් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය