අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක්

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක්
  • SocialShare:

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, කරවිල සහ වට්ටක්කා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත බෝග රැසක් සඳහා රක්ෂණ ආවරණය ලබාදේ.

මෙහිදී මූලික රක්ෂිත මුදලින් 7%ක වාරිකයක් පමණක් ගෙවා රක්ෂණ ආවරණය ලබාගත හැකි අතර, ස්වාභාවික ආපදා, පාලනය කළ නොහැකි ශාක රෝග හා කෘමි හානි මෙන්ම වන අලි හානි හේතුවෙන් සිදුවන වගා හානි සඳහා වන්දි හිමි වේ.

ගොවීන්ගේ වගා අවදානම් කළමනාකරණය කරමින් ඔවුන් අඛණ්ඩව වගා කටයුතුවල නිරතව සිටීමට දිරිගැන්වීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.