සෞඛ්‍ය සඳහා ජනතාවට ලැබෙන්න යන අයිතිය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය සඳහා ජනතාවට ලැබෙන්න යන අයිතිය  - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය සඳහා ජනතාවට ප්‍රවේශවීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බවත් එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා එමගින් ජනතාවට හැකි වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරනු ලැබුයේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය සදහා එක් වෙමිනි.
මෙම උත්සවය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි කේන්ද්‍ර ශාලාවේදී පැවැත්විනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා දීර්ඝ ඉතිහාසයක් හිමි මෙරට සෞඛ්‍ය සේවාව ඉදිරියට පත්වාගෙනයාමේ දී ව්‍යුහාත්මක වෙනසකට ඉතා කඩිනමින් පරිවර්තනය විය යුතු බව ද පැවසීය.
එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් එහිදී මුලික වන බවත් ඉදිරි දශකය තුළ දී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය බලාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පුරවැසියන් සෞඛ්‍යමය වශයෙන් බලාගැනීමේ වගකීම රජය සතු බවත්, එම වගකීම රජය බාරගන්නා බවත් වැඩිදුරටත් පැවසූ අමාත්‍යවරයා ව්‍යවස්ථාවට වගන්තියක් එක් කරමින් එය සිදු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එය සෞඛ්‍ය සේවයේ විශාල ඉදිරි පියවරක් බව පැවසූ අමාත්‍යවරයා රජයක් ලෙස නිවැරදිව හා විශ්වාසවන්ත වැඩපිළිවෙළක් ගොඩනැගූ පසු රෝගීන් වෙනුවෙන් සිදු කරන සමාජ සේවාවන් සහ පරිත්‍යාගවල වටිනාකම ද තව තවත් ඉහළ යන බවද අවධාරණය කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.