විශ්වවිද්‍යාල කිහිපයක අතරමග නැවතී ඇති ඉදිකිරීම් අවසන් කිරීමට කැබිනට් අනුමැතිය

විශ්වවිද්‍යාල කිහිපයක අතරමග නැවතී ඇති ඉදිකිරීම් අවසන් කිරීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මූලික වියදම් සිදු කර දැනට අතරමග නවතා ඇති ව්‍යාපෘති සම්පූර්ණ කර දීමට කටයුතු කරන ලෙස මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලවලින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගනු ලබන නේවාසික පහසුකම්, ආපනශාලා වැනි අනෙකුත් පොදු පහසුකම් 2025 වර්ෂය තුළ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් නිම කිරීමටත්, ඉතිරි වැඩ විෂයයන්, ඒවායේ විෂය පථයන් අවශතා මත පදනම්ව නැවත සංශෝධනය කර 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.