ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදුරු නේපාලි (H.E. Dr. Purna Bahadur Nepali) මහතා ඉටුකළ සේවය අග්‍රාමාත්‍යවරිය ඇගයීමට ලක් කළාය.
ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා සිය සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යාමට පෙර අප්‍රේල් 30 වනදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අවස්ථාවේදී අගමැතිනිය මෙම ඇගයීම සිදුකළාය.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවකට එහා ගිය පොදු සංස්කෘතික, ආගමික සහ ඓතිහාසික උරුමයන් මත පදනම් වූ ශක්තිමත් සහ සමීප බැඳීමක් පවතින බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.


