දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට ලංකා පෙන්තකොස්ත සභාව විසින් රුපියල් ලක්ෂ පනහක මුදලක් පරිත්‍යාග කරනු ලැබිණ.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට ලංකා පෙන්තකොස්ත සභාව විසින් රුපියල් ලක්ෂ පනහක මුදලක් පරිත්‍යාග කරනු ලැබිණ.
2026 වෙසක් පොහොය අරමුණු කර ගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති මාකොළ මංගල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සංවිධානය කළ 'ස්වර්ණාභිවන්දනා 2026' ධාතු වන්දනා පිංකමට මැයි 03 වන දින අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් අද (03) පස්වරුවේ දිවයිනට ළඟා විය.
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස අද (03) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.
මාලදිවයින් ජනාධිපති Mohamed Muizzu මහතා අද දිවයිනට පැමිණීමට නියමිත අතර අද සිට මැයි 06 දක්වා ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ ප්‍රධාන නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
2026 මැයි මස 02 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒම සංශෝධනය පහත පරිදි වේ.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා ( 30) මිරිස්ස පිහිටි ශ්රී ලංකා වෙරළාරක්ෂක බලකා (SLCG) මූලස්ථානයේ සහ බලපිටිය ජීවිතාරක්ෂක පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්ය ඒකකය මගිනි.