ලෝක නිදහස් මාධ්ය දිනය අදට (03) යෙදී තිබේ
.
1991 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් මුල්වරට ලෝක ජනමාධ්ය නිදහස් දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබිණි. ඉන් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මැයි මස 03 වැනි දින “ලෝක ජනමාධ්ය නිදහස් දිනය” ලෙස නිල වශයෙන් ප්රකාශයට පත් කළේය.
එතැන් සිට ලොව පුරා රටවල් මෙම දිනය නිමිත්තෙන් විවිධ වැඩසටහන් හා වැඩමුළු සංවිධානය කරමින් ජනමාධ්ය නිදහසේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කරයි.
විශ්ව මානව හිමිකම් ප්රකාශනයේ 19 වැනි වගන්තියට අනුව, තොරතුරු ලබාගැනීමට සහ අදහස් නිදහසේ ප්රකාශ කිරීමට මිනිසාට ඇති අයිතිය තහවුරු කිරීම සහ ඒ පිළිබඳ සමාජයේ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම දිනයේ ප්රධාන අරමුණ වේ.


