All Stories

බෙල්ලන්විල රජමහා විහාරයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සහ අනුග්‍රාහකත්වය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණි

බෙල්ලන්විල රජමහා විහාරයේ 76 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය පිළිබඳ සාකච්ඡාවක්

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අයිතිය තහවුරු කිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1000ක්

රෝහල්, බස්, දුම්රිය නැවතුම් පොළවල්, පොදු ස්ථාන සහ රජයේ ආයතනවලට ආබාධ සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ප්‍රවේශ වීම සදහා එම ස්ථාන වල ප්‍රවේශ පහසුකම් සංවර්ධනය සඳහා  රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000 ක් වෙන කර ඇති අතර ඒ සඳහා සංවර්ධන යෝජනා කැදවීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, ආබාධ සහිත පුද්ගලයන් සදහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් මේ වන විට ආරම්භ කර ඇත.

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අයිතිය තහවුරු කිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1000ක්

ශ්‍රී ලංකා - ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අප්‍රේල් මස සිට ක්‍රියාත්මකයි

ඉතාලියේ වෙසෙන ශ්රී ලාංකිකයන්ට දිගුකාලීනව මුහුණ පෑ රියදුරු බලපත්ර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙමින්, දෙරට අතර අත්සන් කළ රියදුරු බලපත්ර අන්යෝන්ය වශයෙන් පිළිගැනීමේ ගිවිසුම (Mutual Recognition of Driving Licences) අප්රේල් මස සිට බලාත්මක කර ඇති බව විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා - ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අප්‍රේල් මස සිට ක්‍රියාත්මකයි

කම්කරු දිනයට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයින පුරා මැයි දින පෙළපාලි, රැස්වීම් සහ විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි

කම්කරු දිනයට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වැඩමුළුවක්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වැඩමුළුවක්