විදේශ සේවයට පුද්ගලයන් පත් කිරීමේදී, හිතවත්කම් මත පදනම්ව එම පත්වීම් සිදුනොකරන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

විදේශ සේවයට පුද්ගලයන් පත් කිරීමේදී, හිතවත්කම් මත පදනම්ව එම පත්වීම් සිදුනොකරන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත් චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කර ඇති බවත්, මේ සඳහා රජය රුපියල් බිලියන 110ක මුදලක් වෙන් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
නුවරඑළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවට සහ එය තැපැල් කටයුතු වලට පමණක් සීමා නොකර යම් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කරගත යුතු බවට ආණ්ඩුව තීන්දුවක් ගෙන ඇතැයි , කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
රාජ්‍ය මාධ්‍ය ආයතන තුන වෙන් වෙන්ව සංවර්ධන කිරීම සඳහා රජය මැදිහත්වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ආමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී, අඩුආදායම්ලාභී පවුල්වලට සහන මිලකට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබාදීමට කටයුතු කරන බව, කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා බිඳ වැටීමට ඉඩ නොතබන බවත් පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන පිරිස් සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා ඊයේ(26) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලිබල මණ්ඩලය සතු විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතවෙන් මාර්තු මස 27 වැනි දින පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා එම ජල පවිත්‍රාගාරයට ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය උදෙසා වාර්ෂික ව විශාල මුදලක් විදේශයන් වෙත ඇදී යන අතර, එම මුදල් දේශීය ව ඉතිරි කර ගැනීමටත්, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය ව සපුරා ගැනීම මෙන් ම ඔසු වගාව තුළින් ප්‍රජාවගේ ආර්ථිකය සවිමත් කරලීමත් අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් "ජාතික ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ වැඩසටහනක්" ක්‍රියාවට නංවා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර පුණ්‍යායතනයේ (Latter-day Saint Charities) නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද අද(24) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී වැඩභාර ගත්අතර, ඇය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාවයි
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.