කම්කරු දිනයට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

කම්කරු දිනයට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
  • SocialShare:

හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයින පුරා මැයි දින පෙළපාලි, රැස්වීම් සහ විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි


.
ප්‍රධාන රැස්වීම්, පෙළපාලි සහ උත්සව රැසක් කොළඹ නගරය මූලික කරගෙන පැවැත්වීමට නියමිත අතර, අනෙකුත් සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවලද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
මෙම මැයි දින සැමරුම් සාමකාමීව පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම, ආරක්ෂාව තහවුරු කිරීම, රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් මඟින් ප්‍රකාශ කරයි. එමෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විශේෂ සැලැස්මක්ද යොදා ඇත.