ආණ්ඩුවේ සාර්ථකත්වය 2025 මහ බැංකු වාර්ථා පෙන්වාදී තිබෙන බවත්, කුමණ අර්බුද පැමිණියත් ඒවා සර්ථකව කළමණාකරනය කරමින් ජනතා අභිලාෂයන් ඉටු කිරිමට ආණ්ඩුව සමත්ව තිබෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචර්ය උපාලි පන්නිල මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (30) කැලණිය ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
කමිටු හමුවේදී කැලණිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන හා පළාත් සභා අරමුදල්, පළාත් පාලන ආයතන අරමුදල් මෙන්ම රේඛීය අමාත්‍යාංශ අරමුදල් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන ලදි. එමෙන්ම ප්‍රදේශයේ මහජන ආරක්ෂාව සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම අවස්තාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් ජී.එස්.රණසිංහ මහත්මිය, කැලණිය ප්‍රාදේශීය සභා සභාපති සඳුන් යාපා මහතා, පෑලියගොඩ නගර සභා සභාපති කපිල සමන් කීරති මහතා, කිරිබත්ගොඩ හා පෑලියගොඩ පොලිස් ස්ථානාධිපත්වරුන්, කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


