ජාත්‍යන්තර “සාම පාගමන” නිමා කරමින් පැවැත්වෙන රාජ්‍ය උත්සවය අද නිදහස් චතුරස්‍රයේදී

ජාත්‍යන්තර “සාම පාගමන” නිමා කරමින් පැවැත්වෙන රාජ්‍ය උත්සවය අද  නිදහස් චතුරස්‍රයේදී
  • SocialShare:

ජාත්‍යන්තර “සාම පාගමන” (Walk for Peace Program in Sri Lanka) වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(28) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්‌ වේ.

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර “සාම පාගමන” (Walk for Peace Program in Sri Lanka) පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය. අද (28) පස්වරුවේ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ වෙත උතුම් ධාතුන් වහන්සේලා සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය පූජා කිරීමට නියමිතය.

නිදහස් චතුරස්‍රයේ සිට පස්වරු 5.30ට යළි ආරම්භ කෙරෙන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ලගාවීමෙන් පසු නිමාවට පත් වේ.