“Walk for Peace” වැඩසටහනේ අවසන් දිනය අද (28), කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් සවස 4.00ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙම වැඩසටහනට අදාළව කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කර ඇත.
ඒ අනුව , අද උදෑසන 11.00 සිට තත්ත්වය අනුව වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ලබන අතර, බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය බොරැල්ල හන්දිය දක්වා, මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ් පෙදෙස, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත, හෝර්ටන් වටරවුම, නිදහස් මාවත, ප්‍රේමසිරි කේමදාස මාවත, කේම්බ්‍රිජ් පෙදෙස, ග්ලාස් හවුස්, මාර්කස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, මුත්තයියා පාර, බේබෘක් වීදිය, ස්ටැපල් වීදිය සහ ගංගාරාම විහාරස්ථානය අවට මාර්ග ඇතුළු ප්‍රදේශ කිහිපයක ගමනාගමනයට සීමා පනවනු ඇත.
මෙම කාලය තුළ ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය රියැදුරන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.


