දඹුල්ලෙන් ඇරඹි සාම පාගමනේ පළමු දිනය මාතලේ අළුවිහාරයෙන් සාර්ථකව අවසන්

දඹුල්ලෙන් ඇරඹි සාම පාගමනේ පළමු දිනය මාතලේ අළුවිහාරයෙන් සාර්ථකව අවසන්
  • SocialShare:

ලෝක සාමය පතා සංවිධානය කළ “එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ විය.

දිනක් තුළ කිලෝමීටර් 45කට ආසන්න දුරක් ආවරණය කරමින් ගමන් ගත් මෙම පාගමන මාතලේ අළුවිහාර විහාරස්ථානයෙන් සාර්ථකව අවසන් විය.

ගමන අතරතුර භික්ෂුන් වහන්සේලා ඇතුළු සහභාගී පිරිසට දහස් ගණනක් සැදැහවත් ජනතාව එක්ව ගෞරව දක්වමින් කෙසෙල් කොළ අතුරා මාර්ගය පහසු කර දීමත්, සිහිල් ජලය ඉස උණුසුම අඩු කිරීමත් සිදු කෙරිණි. මෙම ක්‍රියාවලිය සාමය, කරුණාව සහ ආගමික සමගිය පෙන්වූ විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ.

DSC09187

678087495 1548220437309147 4502675754601547440 n

678915803 1548254700639054 7002036283283241337 n

679866571 1548220903975767 5839884349106343819 n

679032316 1548254717305719 1382349632848034583 n