අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත්, සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත්, සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කරන බව පසුගියදා(28) පැවති කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
මේ අධ්‍යාපන විද්‍යාපීඨයේ පළමු සිසුන් ලෙස අද ඔබට තිබෙන සහ ඔබේ දෙමාපියන්ට තිබෙන සැනසීම ඉදිරියට මේ විද්‍යාපීඨයට ඉදිරියේ දී පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ දෙමාපියන්ට ද උරුම කර දීමට කටයුතු කරන්නැ යි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසී ය.
දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2013 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කළ අතර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනජීවී සත්ත්ව හා ශාක විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) අත්සන් කිරීම සංකේතවත් කරමින් සෑම වසරකම මාර්තු 3 වැනිදා ලෝක වනජීවි දිනය සමරනු ලබයි.
ශාස්ත්‍රවේදී දෙබත්ගම සෝමරතන තිස්ස නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රි ඉන්දජෝති වංශාවලංකාර ශ්‍රී රතනජෝති වංශාවතංස ගෞරව නාමය සහිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ අනුනායක ධුරය සඳහා වන සන්නස් පත්‍රය පිරිනැමීම ඊයේ(02) පස්වරුවේ අරණායක දෙබත්ගම ශ්‍රී රතනජෝත්‍යාරාම ධර්ම මන්දිරයේදී සිදු කෙරිණ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපසුතාවයට පත්කිරීමට කටයුතු කර මහජනාවට පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ පාර්මේන්තුවවෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබූ නයායාමේ පූර්ව නිවේදනය අද (03) පස්වරු 12.30 දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දේ.
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.
පෙරහර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බවත් එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ(01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය පසුගියදා(28) සිදු කෙරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.