ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව හෙට සිට යථා තත්ත්වයට

ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව හෙට සිට යථා තත්ත්වයට
  • SocialShare:

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් හෙට (20) සිට යළි ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ද එමඟින් යළි ආරම්භ වන අතර, පද්ධති දෝෂය හේතුවෙන් පසුගිය 17වනදා සිට සේවාවන් තාවකාලිකව නවතා තිබුණි.