ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අගමැතිනිය හමුවෙයි

ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අගමැතිනිය හමුවෙයි
  • SocialShare:

මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අරලියගහ මන්දිරයට පැමිණි ඉන්දීය උප ජනාධිපතිතුමන්ව අග්‍රාමාත්‍යවරිය විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, එම ධුරයට පත්වීම පිළිබඳවද සිය සුබපැතුම් එක් කළාය.

මෙය තම ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රථම නිල සංචාරය බව සඳහන් කළ උප ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ලැබුණු උණුසුම් පිළිගැනීම හා ආගන්තුක සත්කාර පිළිබඳවද ස්තූතිය පළ කළේය.

මෙම අවස්ථාවට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන අමාත්‍යවරුන් සහ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.