පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු අද සිට යථා තත්ත්වයට

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු අද සිට යථා තත්ත්වයට
  • SocialShare:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් අද ( 20) සිට නැවත ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයකට අනුව, පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට මෙම සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබුණි.