
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට අදාළ නැකැත් සීට්ටුව අනුව හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6.55ට යෙදී තිබේ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ සිංහල දෙමිළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) ගම්පහදී සිදු කෙරිණ.
උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
එම සුබ පැතුම් පිණිවිඩය පහත දැක් වේ
2026 වසරේ ලැබූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්තුමා ප්රමුඛ රජයේ නිල පුවත් වෙබ් අඩවියේ කාර්යමණ්ඩලය සුභාසිරි එක් කරයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වනවිට රට පුරා ජනතාව සූදානම් වෙමින් සිටී.
දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සමාජ මාධ්‍ය තුල සංසරණය වන විකෘති කරන ලද හඬපටය පිලිබදව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 09.32ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 03.08 සිට එම දා අපර භාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍යකාල චාරිත්‍රයන්හි නිරත වීමත්, ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ආදී නැකත් චාරිත්‍ර විධි පහත පරිදි ඉටු කිරීමත් මැනවි.
ආහාර පිසීම (ළිප ගිනි දැල්වීම)
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 10.51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා, කිරිබතක් ද, කැවිලි වර්ගයක් ද දීකිරි සහ විළඳ ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකිකයන් විසින් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සම්ප්‍රදායික ලෙස සමරනු ලබයි.
අවුරුදු සමයේ සංවිධානය කරන දිවීම, මැරතන් සහ පාපැදි තරග ඇතුළු ඉසව්වලදී අනතුරු අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.