All Stories

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු රැසකට විසඳුම් ලබාදීමට පියවර

ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටළු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු රැසකට විසඳුම් ලබාදීමට පියවර

නිදහස් සෞඛ්‍ය ‍ සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ සහය

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා ලෝක බැංකුව මගින් මෙතෙක් ලබා දුන් සහාය,ඉදිරියට ලබාදෙන දායකත්වය සහ සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබඳව සාකච්ඡාවක් , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අතර පසුගියදා පැවැත්විණි.

 නිදහස් සෞඛ්‍ය ‍ සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ සහය

2025 වසරේ 04 වැනි “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය දෑරංගල රජයේ තේ කර්මාන්ත ශාලාවේ දී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා (22) පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුබෝවිටියන තේ කර්මාන්ත සමාගමට අයත් දෑරංගල රජයේ තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

2025 වසරේ 04 වැනි “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය දෑරංගල රජයේ තේ කර්මාන්ත ශාලාවේ දී

තරුණ වෛද්‍යවරුන්ට ස්නායු ශල්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව ලබාදීමට අවධානය

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බවත්, එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

තරුණ වෛද්‍යවරුන්ට ස්නායු ශල්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව ලබාදීමට අවධානය

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අගමැතිනියගේ අවධානය

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අගමැතිනියගේ  අවධානය

අද රාත්‍රීයේ සිට දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

අද(24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද රාත්‍රීයේ සිට දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ දළදා ප්‍රදර්ශනයක් - ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දකියි

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ පිළිබඳ අද මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ  අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.

මල්වතු මහා විහාරය වෙතද ගිය ජනාධිපතිවරයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බවයි. පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වුවත්, එය පොදු මහජනතාවගේ ආරක්ෂාවට ගැටලුවක් වී නැති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙතෙක් දේශපාලන රැකවරණය මත වර්ධනය වු පාතාලය මුළුමනින්ම මැඩ පැවැත්විමට වත්මන් රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීම රජයේද අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල්ද රජය වෙන් කර ඇති බවත් සඳහන් කළේය. මැතිවරණ කොමිසම විසින් ඒ සඳහා කඩිනමින් දින නියම කරනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය  පළ කළේය.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ දළදා ප්‍රදර්ශනයක් - ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා  හිමිවරුන්ද බැහැ දකියි

මෙම වසර අවසාන වන විට ජාතික බදු ප්‍රතිපත්තියක්

මෙම වසර අවසාන වන විට ජාතික බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් බවත්, ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට  අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය කටයුතු කරන බව ත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

මෙම වසර අවසාන වන විට ජාතික බදු ප්‍රතිපත්තියක්

දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ඉහළට - අවධානයෙන් පසුවන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේන් දැනුම් දීමක්

දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
උතුරු, උතුරු මැද, වයඔ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම මෙලෙස අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවත් එමගින් දක්වා ඇත.
තවද සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් පළඳින ලෙසත් අධික වෙහෙසෙකර කටයුතු සීමා කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද(22) කවුඩුල්ල ජාතික වනෝද්‍යාන කාර්යාලයේදී පැවැත්විණි .

වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ඉදිරියේදී පාතාල ක්‍රියාකාරකම් සඳහා කිසිදු ඉඩක් නැහැ

ශ්‍රී ලංකා රජය මෙරටතුළ අපරාධ මැඩලීම් සාර්ථකව සිදුකරගෙන යාමේදී, ඊට එරෙහිව ඇතැම් පාතාල කණ්ඩායම් ක්‍රිියාත්මක වන බවත්, විමර්ෂණ අඩපණ කිරීමට ඇතැම්කණ්ඩායම් උත්සාහ කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රයාත්මක කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය. අද(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

ඉදිරියේදී පාතාල ක්‍රියාකාරකම් සඳහා කිසිදු  ඉඩක් නැහැ

පාතාල ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි නීති

අපරාධ සඳහා ලැබෙන දේශපාලන රැකවරණය අද අහිමි වී තිබෙන බවත්, දේශපාලන රැකවරණය අහිමි වූ අපරාධ කල්ලි විදේශයන්හි සිට පවා මෙරට අපරාධ මෙහෙයවන බවත්, එවැනි කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පාතාල ක්‍රියාකාරකම්වලට එරෙහිව  දැඩි නීති

රට අස්ථාවර කිරීමට කටයුතු කරන පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්

රට අස්ථාවර කිරීමේ අරමුණෙන් සිදු කෙරෙන කිසිදු ක්‍රියාවකට රජය ඉඩ ‌නොතබන බවත්, මෑතකාලීනව සිදුවු පාතාල ක්‍රියාකාරකම් ඉතා ඉක්මනින් සමථයකට පත් කිරීමට කටයුතු කරන බවත්  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්  ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිතරත්න මහතා පවසයි.

රට අස්ථාවර කිරීමට කටයුතු කරන පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.