හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී
  • SocialShare:

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට අදාළ නැකැත් සීට්ටුව අනුව හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6.55ට යෙදී තිබේ.

පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මෙම අවස්ථාවට අදාළ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාළිගා පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිත අතර, මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් එය සිදුකෙරේ.