All Stories

සෞඛ්‍යට අයවැයෙන් රුපියල් බිලියන 604 ක්

සෞඛ්‍ය සේවාව සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 604 ක මුදලක් වෙන් කර තිබේ. මෙරට නැවත ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා අද(17) පාර්ලිමේන්තුවේදී සිය අයවැය කතාවේදී පැවසීය.

සෞඛ්‍යට අයවැයෙන් රුපියල් බිලියන 604 ක්

ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක්

ඩිජිටල් ආර්ථිකය නැංවීමට මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2025 වසර සඳහා අයවැය ලේඛනය අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසිය.

ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක්

2025 වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා - ජනපති සිය මංගය අයවැය කතාව ඉදිරිපත් කරමින් කියයි

"2025 වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ජනපති සිය මංගල අයවැය කතාව  අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් පැවසීය.

 2025 වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා - ජනපති සිය මංගය අයවැය කතාව ඉදිරිපත් කරමින් කියයි

“මහාචාර්ය සේනක බිබිලේගේ ජීවිත කතාව සහ දැක්ම ඊළග පරම්පරාවට දායාද කළ යුතුයි ” - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජීවිත කතාව සහ දර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව සාකච්ඡා කර ඊළඟ පරම්පරාවට ගෙනයාමේ වැඩපිළිවෙළක් සකස්කළ යුතු යැයි ද එය සේනක බිබිලේ දර්ශනය මෙන් ම එම දර්ශනය මත පිහිටා කටයුතු කිරීමට සමාජය දිරි ගන්වන ක්‍රියාවක් වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය .

“මහාචාර්ය සේනක බිබිලේගේ ජීවිත කතාව සහ දැක්ම ඊළග පරම්පරාවට දායාද කළ යුතුයි ”  - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

අපි ඉදිරිපත් කරන අයවැය දුප්පතුන් වෙනුවෙන් වන අයවැයක් -අගමැති හරිනි යාපනයේදී කියයි

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතු බවත්, යාපනය ප්‍රදේශයෙන් කාන්තාවක් පාර්ලිමේන්තු යවන්න සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

 අපි ඉදිරිපත් කරන අයවැය දුප්පතුන් වෙනුවෙන් වන අයවැයක්   -අගමැති  හරිනි  යාපනයේදී කියයි

නවීකරණය කළ යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය විවෘත කරේ

යාපනය , කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කර විවෘත කිරීමේ උත්සවය ජනවාරි 15 දින  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1923 වර්ශයේදී රජයේ ගුරු පුහුණු විද්‍යාලය ලෙස ආරම්භ කරන ලද මෙම විද්‍යාලය 2023  වසරේදී වසර 100 සැපිරුණි. 

මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ගුරුවරුන් යනු ඉතා වැදගත් සාධකයක්. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ගුරුවරුන් සහ ළමුන් අතර තියෙන ගුණාත්මක සහ ශක්තිමත් සම්බන්ධතාවයක් විය යුතුයි. විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සියලු දෙනාගේම ශක්තියෙන් මෙම වෙනස සිදුවිය යුතුයි.

අපේ රජය යටතේ ගුරු අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. ගුරු පුහුණු ක්‍රියාවලිය  විධිමත් කර ධාරිතාව වැඩි කල යුතුයි. මේ කාර්යයන් මැනවින් ඉටුකර ගැනීම සඳහා අධ්‍යාපන කවුන්සිලයක් හඳුන්වා දෙන්නත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.   එමගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට සහ  කළමනාකරණය සිදු කරන්න පුලුවන්. ඉදිරි අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න අපි බලාපොරොත්තුව වෙනවා. ඒක ඔබලාට සතුටුදායක ආරංචියක් වේවී. "

මෙහිදී අග්‍රාමාත්‍යවරිය කෝපායි ගුරු විද්‍යාලයේ විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබුවාය.

මෙම අවස්ථාවට  ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් කෝපායි ගුරු විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

නවීකරණය කළ යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය විවෘත කරේ

සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලීසියෙන් රුපියල් මිලියනයක තෑග්ගක්

වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීම පොලීසිය තීරණ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
එම නිවේදනය පහත දැක් වේ.

සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලීසියෙන් රුපියල් මිලියනයක තෑග්ගක්

එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහනට සමගාමීව වැඩසටහන් රැසක්

මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වාගෙන යාම සහ වගා නොකරන සියලුම කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කරවීමට ගොවි ජනතාවදැනුවත් කිරීම සඳහා වන එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහනේ කලුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ඊයේ (15) කලුතරදී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙහි ජාතික වැඩසටහන, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පොල්ගහවෙලදී ආරම්භ විය.
මෙම වැඩසටහන යටතේ වගාකර නොමැති කුඹුරු සහ ගොඩ ඉඩම් කාර්යක්ෂමව කඩිනමින් වගා කිරීමත්, දැනට වගා කටයුතු වල නිරත පිරිස් උදෙසා වැඩි දුර දැනුම සහ වගා කටයුතු සදහා අවශ්‍ය පොහොර ඇතුලු අනකුත් අත්‍යවශ්‍ය දේ සපයා දීමත් සිදු කිරීමට නියමිතය. දැනට වගා කටයුතු වල නිරත ගොවීන්ගේ වගාවන් නිරීක්ෂණයට ද අමාත්‍යවරයා එක්විය.
මෙම වැඩසටහන ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව , කෘෂිකර්ම පශූ සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබීය.

එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහනට සමගාමීව වැඩසටහන් රැසක්

එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහන ඇරඹේ

මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වාගෙන යාම සහ රට තුළකෘෂිකාර්මික භෝග නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සඳහා වග නොකරන සියලුම කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කරවීමට ගොවි ජනතාවදැනුවත් කිරීම සඳහා වන එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහන, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15) ආරම්භ විය.

එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහන ඇරඹේ
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.