සීමාවාසික පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරුන් 436 දෙනා දිවයින පුරා රෝහල්වලට අනුයුක්ත කෙරේ

සීමාවාසික පත්වීම් සඳහා අයදුම්කළ  නවක වෛද්‍යවරුන් 436 දෙනා  දිවයින පුරා රෝහල්වලට අනුයුක්ත කෙරේ
  • SocialShare:

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කළ නවක වෛද්‍යවරු 436 දෙනාට අදාළ නව පත්වීම් සහ සේවා ස්ථාන ඊයේ ( 08) ප්‍රකාශයට පත් කර තිබේ.


ඒ අනුව, එම වෛද්‍යවරුන්ට අද (09) සිට එළැඹෙන 11 වනදා දක්වා කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මෙම නවක වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් විනිවිදභාවයකින්, විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.