All Stories

ජනපති රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවෙයි

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමු වී තිබේ.

ජනපති රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවෙයි

වැසි රහිත කාලගුණය තවදුරටත්

මඩකළපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වැසි රහිත කාලගුණය තවදුරටත්

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් Nipat Thonglek, පෙබරවාරි 10 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය  හමුවෙයි

ජනපති රාජ්‍ය නායකයන් සමඟ හමුවීම් රැසක

  • ලෝක රාජ්‍ය සමුළුවට සමගාමීව ජනපති රාජ්‍ය නායකයන් සමඟ හමුවීම් රැසක
  • පාකිස්ථාන අගමැති, බ්‍රිතාන්‍ය හිටපු අගමැති හමු වේ
  • දූෂණයෙන් තොර පාලනය රාජ්‍ය නායකයින්ගේ පැසසුමට
ජනපති රාජ්‍ය නායකයන් සමඟ හමුවීම් රැසක

අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි.

අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පිළිබඳ සාකච්ඡාවක්

ස්වාධිනී අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ මූලික සැලසුම් ඇරඹේ

ස්වාධිනී  අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ මූලික සැලසුම්  මේ වනවිට ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ස්වාධිනී  අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ මූලික සැලසුම් ඇරඹේ

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට කැබිනට් අනුමැතිය

සෞඛ්‍ය සහ අධ්‍යාපනය රජයේ වගකීමක් - නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න

සෞඛ්‍ය සහ අධ්‍යාපනය රජයේ වගකීමක් ලෙස විශ්වාසිකරන බවත්, ඒ අනුව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සමඟ එකතුවෙලා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ එම සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන බව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය සහ අධ්‍යාපනය රජයේ වගකීමක් -  නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න

මහවැලි පුනරුද සතියේ තෙවන අදියර ඇරඹෙයි

මහවැලි පුනරුද සතියේ තෙවන අදියර මහවැලි කලාප 10ම ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදුකිරීමට නියමිත අතර එහි තෙවන අදියර ප්‍රධාන තේමාවන් කිහිපයක් ඔස්සේ කලාපයේ කාර්යයන්ට ප්‍රමුඛ වන පරිදි වැඩසටහන් පෙළගස්වා පෙබරවාරි 10 ඊයේ සිට පෙබරවාරි 16 දක්වා මහවැලි බී කලාපය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට අපේක්ෂිතය.

මහවැලි පුනරුද සතියේ තෙවන අදියර ඇරඹෙයි

ආහාර සුරක්ෂිතතාව සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක්

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) රැස් වූ අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි .

ආහාර සුරක්ෂිතතාව සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.