All Stories

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීම යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බැවින් 2026.04.17 සිකුරාදා දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මහජනතාව වෙත නිවේදනය කරයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අලුත් අදහස් සහ සැලසුම් සමග ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු - ජනාධිපති ලේකම්

අලුත් අදහස් සහ සැලසුම් සමග නව ජවයකින් යුතුව ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවෙමු'යි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කළේය.

අලුත් අදහස් සහ සැලසුම් සමග ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු - ජනාධිපති ලේකම්

අධික උෂ්ණත්වය හමුවේ දිගන ප්‍රදේශයට ජලය බෙදාදීමට විශේෂ වැඩපිළිවෙලක්

පවතින අධික උෂ්ණත්ව කාලගුණික තත්වයෙන් මහවැලි ගඟේ ජල මට්ටම අඩු වීම හේතුවෙන්, දිගන ප්‍රදේශයට ජලය බෙදාදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මහනුවර දිසාපතිතුමන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

අධික උෂ්ණත්වය හමුවේ දිගන ප්‍රදේශයට ජලය බෙදාදීමට විශේෂ වැඩපිළිවෙලක්

හිස තෙල් ගෑමේ උත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ උත්සවය මෙවරත් අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාමියන්ගේ ප්‍රධාන්තවයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස දී ඊයේ (15) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

හිස තෙල් ගෑමේ උත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී

දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දවසේ කාලගුණය

අවුරුදු සමයේ දින 6ක් තුළ ලංගමට රුපියල් බිලියනයක ආදායමක්

අලුත් අවුරුදු සමයේ ප්‍රවාහන සේවා සැපයීමෙන් දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි.

අවුරුදු  සමයේ දින 6ක් තුළ ලංගමට රුපියල් බිලියනයක ආදායමක්