අධික උෂ්ණත්වය හමුවේ දිගන ප්‍රදේශයට ජලය බෙදාදීමට විශේෂ වැඩපිළිවෙලක්

අධික උෂ්ණත්වය හමුවේ දිගන ප්‍රදේශයට ජලය බෙදාදීමට විශේෂ වැඩපිළිවෙලක්
  • SocialShare:

පවතින අධික උෂ්ණත්ව කාලගුණික තත්වයෙන් මහවැලි ගඟේ ජල මට්ටම අඩු වීම හේතුවෙන්, දිගන ප්‍රදේශයට ජලය බෙදාදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මහනුවර දිසාපතිතුමන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනූව යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 07 සිට 11 දක්වා වැලි කොට්ට 5,000 කට අධික ප්‍රමාණයක් භාවිතා කරමින් තාවකාලික බැම්මක් ඉදිකර ඇත.