අවුරුදු සමයේ දින 6ක් තුළ ලංගමට රුපියල් බිලියනයක ආදායමක්

අවුරුදු  සමයේ දින 6ක් තුළ ලංගමට රුපියල් බිලියනයක ආදායමක්
  • SocialShare:

අලුත් අවුරුදු සමයේ ප්‍රවාහන සේවා සැපයීමෙන් දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පසුගිය 11 වනදා ලංගම ඉතිහාසයේ වැඩිම දින ආදායම වාර්තා වූ අතර එදින රුපියල් මිලියන 213ක් උපයා ඇති බවයි.

මේ අතර, ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹ සහ ප්‍රධාන නගර වෙත පැමිණීම සඳහා අද සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

කොළඹ සිට මගීන් ලක්ෂ 4කට අධික පිරිසක් පෞද්ගලික බස් රථවලින් ගම්බිම් බලා ගොස් ඇති අතර අධික ගාස්තු අය කළහොත් 1955 අංකයට පැමිණිලි කළ හැකි බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.