All Stories

දිට්වා ආපදා වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න - අගමැතිනිය

දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙසත්, පළාත් සභා වෙත මේ වන විට සියලු ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අපදා හානි සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පළාත් මටටමින් සොයා බලන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දිට්වා ආපදා වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න - අගමැතිනිය

වැටුප් නොලබා කාන්තාවන් සිදු කරන සත්කාරක සේවාවන් සඳහා විසඳුම් සෙවිය යුතුයි - අගමැතිනිය

කාන්තාවන් විසින් සිදු කරන සත්කාරක සේවාවන් සඳහා ලබා දෙන අවධානය අඩු වීම අහඹු සිදුවීමක් නොවන බවත්, එය  ලොව පුරා ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයින් විසින් නිරන්තරයෙන් මතු කරන ස්ත්‍රීවාදය සම්බන්ධ ප්‍රධාන ගැටලුවක් වන අතර  ව්‍යුහාත්මක මෙන්ම ස්ත්‍රීවාදී ගැටලුවක් වන  වැටුප් නොලබා කාන්තාවන් සිදු කරනු මෙවැනි සත්කාරක සේවාවන් සඳහා විසඳුම් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වැටුප් නොලබා කාන්තාවන් සිදු කරන සත්කාරක සේවාවන් සඳහා විසඳුම් සෙවිය යුතුයි - අගමැතිනිය

අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍ය ධූරයේ වැඩ භාරගනියි

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා අද (21) බලශක්ති අමාත්ය ධූරයේ වැඩ භාරගන්නා ලදී.

අමාත්‍යවරයා  වැඩභාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් ද සමඟ කෙටි සාකච්ඡාවකට සම්බන්ධ වූහ.

අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍ය ධූරයේ වැඩ භාරගනියි

වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා ප්‍රකාශයට පත්කෙරේ

ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගෙන 2026 මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය වශයෙන් 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිවේදනය කරයි.

වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා ප්‍රකාශයට පත්කෙරේ

අස්වැසුම ප්‍රතිලාභ දීමනා හෙට ගිණුම්ගත කෙරේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 617,406 (හය ලක්ෂ දාහත් දහස් හාරසිය හය) දෙනෙකුට 2026 අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රු. 3,087,030,000.00(තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක) මුදලක් හා දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 (හැත්තෑ දෙදහස් පන්සිය විසි පස්) දෙනෙකුට 2026 අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රු. 362,625,000.00 (තුන්සිය හැට දෙමිලියන හය ලක්ෂ විසි පන්දහසක) මුදලක් 2026 අප්‍රේල් මස 22 දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

අස්වැසුම ප්‍රතිලාභ දීමනා හෙට ගිණුම්ගත කෙරේ