ජාත්‍යන්තරව ඇගයීමට ලක්වූ “සාම පා ගමන” (Walk for Peace) සමාරම්භක වැඩසටහන මීට සුළු මොහොතකට පෙර අනුරාධපුරයෙන් ආරම්භ විය.
අද පස්වරුවේ අනුරාධපුර පුණ්‍ය භූමියට ලඟා වූ මෙම පා ගමනට සහභාගී වන මහා සංඝරත්නය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. අනතුරුව සාම පා ගමනට සමගාමීව සිදු කෙරෙන අසදිස පූජාව පස්වරු 3,00ට රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආරම්භ විය.
අද අලුයම මෙරට ට වැඩම කළ වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිස අත්තනගල්ල රජමහා විහාරස්ථානයට පැමිණ පසු එහිදි මාධ්‍ය හමුවක්ද පැවැත් විණි. එම මාධ්‍ය හමුව අවසානයේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනා කිරීම සදහා අනුරාධපුරයට වැඩම කළහ.
අද සිට ලබන 28 වෙනිදා දක්වා පූර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් මෙම සාම පා ගමන වැඩසටහන පැවැත් වේ. පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු දොළොස් නමකින් යුත් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් දින හතක් පුරා දිවයින හරහා සිදු කරන සිහියෙන් යුත් (mindful) වන්දනා චාරිකාව මඟින් අමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලාංකික හදවත් දක්වා ජීවමාන කරුණාවේ පණිවිඩයක් රැගෙන එ්ම මෙම චාරිකාවේ මුලික අභිප්‍රායයි.



