සාම පා ගමනට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ප්‍රදානය කෙරේ

සාම පා ගමනට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ප්‍රදානය කෙරේ
  • SocialShare:

සාම පාගමනට නායකත්වය දෙන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා 13 නමක් අද(21) පස්වරුවේ ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්හ.


එම සදානුස්මරණීය අවස්ථාව සිහිපත් කරමින් අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා වෙත පූජා කරන ලදී.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ.
ලෝක සාමය සහ ආගමික සමගිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම සාම පාගමනට සම්බන්ධ මෙම අංගය, ශ්‍රී ලංකාවේ ආගමික උරුමය හා බෞද්ධ සම්ප්‍රදායන් අතර අන්තර්ජාතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් ලෙස සැලකේ.

674911456 1270554721892758 8195483369018475876 n

674780848 1270554758559421 568548024360987995 n

675503554 1270555625226001 4022320758777645084 n

674911811 1270665951881635 9158420208250885763 n

678236541 1270555765225987 4134092957504869230 n 1