සාම පා ගමන ගැන ජනපතිගෙන් X සටහනක්

සාම පා ගමන ගැන ජනපතිගෙන්  X සටහනක්
  • SocialShare:

සාමයේ පණිවිඩය රැගෙන ගමන් ගන්නා සාම පා ගමන සඳහා සහය දැක්වීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව කෘතඥතාවය පළ කරන බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

සාමය , කරුණාව සහ එකමුතුකම වර්ධනය කිරීම වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එක්වන ලෙස ජනාධිපතිවරයා ආරාධනා කරන බවද එම සටහනේ දැක්වේ.
තවද මෙම පාගමන තුළ බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා සහ බෝධි වෘක්ෂයක් රැගෙන ගමන් කිරීම ශ්‍රී ලාංකික උරුමය නිර්වචනය කරමින් සාමය සහ කරුණාව පිළිබඳ අගයන් නැවත සිතා බැලීමට ජනතාවට අවස්ථාවක් සළසන බවද ජනාධිපතිවරයා එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.