කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන සැමරුම් උත්සවය අද (21) පැවැත්විණි. රට පුරා පල්ලි සහ ආගමික ස්ථානවලදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා යාඥා මෙහෙයන් සිදු කරමින් වින්දිතයන් සිහිපත් කෙරිණි.
කටුවාපිටිය දේවස්ථානය ඇතුළු ස්ථාන රැසකද විශේෂ සැමරුම් පැවැත්විණි.මීගමුව මාරි ස්ටෙලා ක්‍රීඩාංගණයේදී යාඥා පා ගමන ප.ව. 4.00ට ආරම්භ කෙරෙන අතර, එය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරු පරිශ්‍රයන් වෙත ගමන් කර අවසන් කෙරේ.
මෙම සැමරුම් සඳහා ආගමික නායකයන්, තානාපතිවරුන් සහ වින්දිත පවුල් සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


