අස්වැසුම ප්‍රතිලාභ දීමනා හෙට ගිණුම්ගත කෙරේ

අස්වැසුම ප්‍රතිලාභ දීමනා හෙට ගිණුම්ගත කෙරේ
  • SocialShare:

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 617,406 (හය ලක්ෂ දාහත් දහස් හාරසිය හය) දෙනෙකුට 2026 අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රු. 3,087,030,000.00(තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක) මුදලක් හා දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 (හැත්තෑ දෙදහස් පන්සිය විසි පස්) දෙනෙකුට 2026 අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රු. 362,625,000.00 (තුන්සිය හැට දෙමිලියන හය ලක්ෂ විසි පන්දහසක) මුදලක් 2026 අප්‍රේල් මස 22 දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

අදාළ ප්‍රතිලාභීන්ට තම ප්‍රතිලාභී දීමනාව 2026 අප්‍රේල් 22 සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුම මගින් ලබාගත හැක.