සාම පාගමනට අවහිර වන සේ හැසිරීමෙන් වළකින්න - පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමි

සාම පාගමනට අවහිර වන සේ හැසිරීමෙන් වළකින්න - පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමි
  • SocialShare:

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරවීම එරට බුදු දහම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව සම්බන්ධ වීම සංකේතවත් කරන බව පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ පවසති.

ලෝක සාම පාගමන වෙනුවෙන් අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට අද (21) සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මෙම පාගමන සාමය තේමා කොට ගත් පාගමනක් බැවින් ඊට අවහිර නොවන ලෙස කටයුතු කරන ලෙසත් කිසිවිටෙකත් ස්වාමීන්මහන්සේ වඩින මාර්ගය හරහා ගමන් නොකරන ලෙසත් උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.
එසේම මෙම පාගමනින් අනතුරුව ස්වාමීන්වහන්සේලා මැයි මස 01 වැනි දින දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටින බැවින් එහිදී ජනතාවට උන්වහන්සේලා මුණගැසීමට හැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.