පොලිස් නිලධාරීන්ගේ අභීයාචනා සම්බන්ධයෙන් හෙට (16) පැවැත්වෙන පොලිස්පති සහන දිනය සහ 17 වැනි දින පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන දිනය එම දිනවල නොපවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් මෙම සේවාවන් නොපැත්වීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


