සෞඛ්‍ය රැකගෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න - වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම

සෞඛ්‍ය රැකගෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න - වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම
  • SocialShare:

සෞඛ්‍ය රැකගෙන ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ලෙස බෝ නොවන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ බව පැවසුවේ 2026 සිංහල හින්දු අවුරුදු සමයේ අනතුරු අවම කිරිම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සදහා අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

වර්තමානයේ අප රටේ ලොකුම සෞඛ්‍ය ගැටලුව වී ඇති බෝ නොවන රෝග සම්බන්ධයෙන් අවුරුදු සමය තුළ අවධානය යොමු කළ යුතු බවද බෝ නොවන රෝග උදෙසා අපට වෙනස් කළ හැකි අවදානම් සාධක සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවද පැවසුවාය.

මෙහිදී ප්‍රධාන අවදානම් සාධකය අපගේ ආහාර රටාව බව පෙන්වා දුන් වෛද්‍යවරිය අප සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම ඉහළ බවද උත්සව සමයේදී එය ඉතාම ඉහළ අගයක් ගන්නා බවද පැවසුවාය.

සීනි, ලවණ, ලුණු, පිෂ්ටය ආදිය අපට යම් ප්‍රමාණයකට පමණක් අවශ්‍ය බවද බෝ නොවන රෝග වලට බලපාන අනෙක් සාධකය ක්‍රියාශීලීත්වය මද වීම බවද පෙන්වා දුන්නාය. අපි ආහාර ගන්නා ප්‍රමාණය වැඩි වන විට අපගේ ක්‍රියාශීලීත්වය අඩුකර ඇතැයිද අවුරුදු සමය තුළදීද මිනිසුන් වර්තමානයේ ක්‍රියාකාරකම්වල නිරත වීම අඩු බවද පැවසුවාය.