සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වනවිට රට පුරා ජනතාව සූදානම් වෙමින් සිටී.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අලුත් අවුරුදු උදාව ලෙස සම්ප්‍රදායිකව හැඳින්වේ.
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමද අදට(13) යෙදී තිබේ. දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම සුදුසු බව ජෝතිෂ්‍යයේ සඳහන් වේ.
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව, පුණ්‍ය කාලය හෙට (14) පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා යෙදී තිබේ.
හෙට( 14) පූර්වභාග 09.32 ට මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වේ.
අහාර පිසීමේ නැකත හෙට (14) පූර්වභාග 10.51 ට යෙදී ඇත. එහිදී රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබත් හා කැවිලි වර්ගයක් සමඟ කිරි සහ විළද පිළියෙල කිරීම සම්ප්‍රදායකි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත හෙට (14) අපරභාග 12.06 ට යෙදී ඇති අතර, රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා එම කටයුතු සිදු කිරීම සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන් වේ.


