දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම සංවිධානය සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීම අද (13) පස්වරු 04.00 සිට හෙට (14) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බවයි.
ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 1 යටතේ “විමසිලිමත්ව සිටින” ලෙස දැනුම් දී තිබේ.
අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රදේශ මෙසේය:
- මහනුවර දිස්ත්‍රික්කය – යටිනුවර
- කෑගල්ල දිස්ත්‍රික්කය – වරකාපොළ, කෑගල්ල, රඹුක්කන
- නුවරඑළිය දිස්ත්‍රික්කය – නුවරඑළිය, අඹගමුව
- රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල, රත්නපුර
මෙම ප්‍රදේශවල ජනතාවට වර්ෂාපතනය වැඩි වුවහොත් නායයාම් අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසද NBRO විසින් දැනුම් දී ඇත.


