අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 09.32ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 03.08 සිට එම දා අපර භාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍යකාල චාරිත්‍රයන්හි නිරත වීමත්, ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ආදී නැකත් චාරිත්‍ර විධි පහත පරිදි ඉටු කිරීමත් මැනවි.
ආහාර පිසීම (ළිප ගිනි දැල්වීම)
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 10.51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා, කිරිබතක් ද, කැවිලි වර්ගයක් ද දීකිරි සහ විළඳ ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකිකයන් විසින් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සම්ප්‍රදායික ලෙස සමරනු ලබයි.
පරණ අවුරුද්දට සමුදී නව වසර ආරම්භ කිරීම සංකේතවත් කරන මෙම උත්සවය ආගමික කටයුතු, පවුල් එකමුතුව සහ සම්ප්‍රදායන් සමඟ බැඳී පවතී.
2026 වසර සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පසුගියදා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පහත දැක් වේ.
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 12.06ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්ව භාග 6.55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
හදිසි රාජකාරි සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි සිකුරාදා දින පූර්ව භාග 05.38ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් ද හෙළ මෝරු ද උඳු මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 20 වැනි සඳුදා පූර්ව භාග 06.27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ,
අප්‍රේල් මස 20 වැනි සඳුදා පූර්ව භාග 06.50ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද දී කිරි සහ අග්ගලා සමඟ කැවිලි වර්ගයක් ද අනුභව කර නැඟෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 23 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය


